Saturday, January 25, 2014

කොසොල් රජු දුටු සිහින වර්තමානයෙහි සැබෑ වන අයුරු

පිංතුරය මත ක්ලික් කිරීමෙන් අකුරු කියවිය හැකිය



රතනමාලී ගාථා



සං සාර සාරෝඝ විනීත ණී සං
සං ණීත සාතං සුචිසාර ධී සං
සං ධීරකං සොණ්ණ තනූපලා සං
සං ලාප දේසිං පණමේහි සා සං

සරණාගමණය යනු


සරණාගමණය යනු?

සරණාගමණය නැතහොත් සරණයෑම යනුවෙන් අපි පොදු ව්‍යවහාරයේ හදුන්වනු ලබන්නේ යමි කිසි වස්තුවක් හෝ වේවා යමි කිසි පුද්ගලයෙකුගේ හෝ වේවා පිහිට පතා යෑමයි. අපි මෙසේ පිහිට පතා යන්නේ ඇයි? මෙයට බොහෝ සරලතම පිළිතුර වන්නේ සෑම දෙයක්ම අපටම කර ගැනිමට නොහැකි නිසා.වෙනත් විදියකින් කිවහොත් යමෙක් වෙනත් අයෙකු සරණ යනුයේ උපකාරයක් අපේක්ෂාවෙන්. එසේනමි මොකක්ද මේ බෞද්ධයාගේ සරණ යෑම යනුවෙන් අදහස් කරන්නේ?

අපේ බුදුහාමුදුරුවෝ


මෝහාන්ධකාරයෙන් වෙළී ගත් දනන්ට ප්‍රඥා ලෝකය ලබාදෙන අසරණ වූ සත්ත්වයනට සරණ වෙන විවිධ වූ මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන මිනිසුන් වෙත දහම් ඔසු බෙදන සසර සයුරේ අතරමං වී එතෙර වන්නට මඟක් සොයනුවනට දහම් පහුරක් තනා ගැනුමට මගක් පෙන්වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම අතිශයින්ම දුර්ලභ කාරණයක්.

බුදුවරයෙක් ලොව පහළවීම දුර්ලභ යැයි කියන්නේ බුදුවරයෙකු වීමට අවශ්‍ය බෝධි චිත්තය සකස් කර ගැනීමට සත්‍යාවබෝධයට සුදුසු මානසිකත්වයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වන පාරමී ධර්මාදිය පුරන්නට යන කාලය සළකා බලා ගෙනයි. දස පෙරම්දම් පිරූ බෝසත්වරුන් බුද්ධත්වයට පත්වන කාල පරාසය කල්ප ගණනින් දක්වා තිබෙනවා.