Saturday, January 25, 2014

සරණාගමණය යනු


සරණාගමණය යනු?

සරණාගමණය නැතහොත් සරණයෑම යනුවෙන් අපි පොදු ව්‍යවහාරයේ හදුන්වනු ලබන්නේ යමි කිසි වස්තුවක් හෝ වේවා යමි කිසි පුද්ගලයෙකුගේ හෝ වේවා පිහිට පතා යෑමයි. අපි මෙසේ පිහිට පතා යන්නේ ඇයි? මෙයට බොහෝ සරලතම පිළිතුර වන්නේ සෑම දෙයක්ම අපටම කර ගැනිමට නොහැකි නිසා.වෙනත් විදියකින් කිවහොත් යමෙක් වෙනත් අයෙකු සරණ යනුයේ උපකාරයක් අපේක්ෂාවෙන්. එසේනමි මොකක්ද මේ බෞද්ධයාගේ සරණ යෑම යනුවෙන් අදහස් කරන්නේ?

සරණ යෑම.
ලොව සරණ යෑමි නමි එමටයි. විවාහයකදී ස්ත්‍රියක් පුරැෂය හා සරණ යන බව පොදු ව්‍යවහාරය බව අපි කවුරැත් දන්නා කරැණක්. සරණ මංගල්‍යය යනුවෙන් විවාහ මංගල්‍යය හදුන්වනනේ මේ හේතුවෙන්. සමහර ආගමිහි අනුගාමිකයෝ හිරැ, සදු සරණ යෑම සිදුකරයි, තවත් අයෙක් දෙවි දේවතාවන් සරණ යයි. තවත් අයෙක් සරණ පතා ශිව ලිංග ආදි ලිංගයන්ට වන්දනා කරයි. මේ ආකාර නොයෙකුත් සරණ යෑමි තිබුනත් බෞද්ධයාගේ සරණ යෑම මේ සියල්ලෙන්ම ඉතා පැහැදිලි ලෙස වෙන්කර හදුනාගත හැක. එසේම එතරමි අර්ථාන්විත වුත්, සත්ත්වයාට වැඩ පිණිස වුත් අන් සරණ යෑමක් නමි ලොකත්‍රයේ හෝ අන් කිසිදු ස්ථානයක සොයාගැනිමට නමි හැකියාවක් නැත. එසේම බෞද්ධයා යැයි තමා හදුන්වාගන්නා තැනැත්තාට එසේ තමා බෞද්ධයෙකු බව හදුන්වාගැනිම සදහා හැකියාව ලැබෙනුයේද මෙම සරණ යෑම තුලිනි. 

තුන් රුවන හා බෞද්ධයාගේ සරණයෑම
ගස්ගල් පර්වත සරණ යැම කොයි කලෙක වුවත් මිනිසුන්ට කිරිමට හැකියාව තිබේ. නමුත් බෞද්ධයාගේ සරණ යෑම වන පරම උත්තම සරණයෑම කල හැකිවනුයේ බුද්ධරත්නය ලොව පහලවු කලකදී පමණි. බුද්ධරත්නය පහලවිම නිසා ධර්මරත්නයත්, ධර්මරත්නය නිසා සංඝරත්නයේ පැවත්මත් පවතිනු ඇත.යමි සේ සක්විති රජෙක්, තමාගේ සත් රැවන් භාවිතා කර දැහැමින් ලොව පාලනය කර සත්ත්වයාට වැඩ පිනිස හැසිරෙන්නාක් මෙන්, බෞද්ධයාට සංසාර දුක්ඛය නිමා කර මෙළොව පරළොව දෙළොව වැඩ සලසා ගැනිමට උපකාරි වනුයේ මෙම තුන් රැවනයි එසේත් නැත්නමි, ඉහතින් කී රත්නත්‍රය සරණ යෑමයි. ලොව කලාතුරකින් පහල වන දුර්ලභ වු, අසමසම වු මෙම රත්නත්‍රය සරණ ගිය ප්‍රඥාවන්ත බෞද්ධයා සක්විති රජු පැරයු රජෙකි. ඒ ඔහු විසින් මෙළොවන් පරලොවත් යන දෙළොවම ජයගෙන නිවි ගිය නිර්වාණයද ස්පර්ශ කරනා බැවිනි. සරණ යෑම පිලිබඳ කථා කල හෙයින් සරණ යෑමේ පාඨය හා එහි නිවැරදි අර්ථය දැනගෙන සිටිමත් වැදගත් වනු ඇතැයි  සිතමි.

නිවැරදි අවබෝධයෙන් තුන්රැවන් සරණ යමු.
සරණාගමනය සිදුකරණා විට බාවිතා කරණා පාඨය ඇතුලත්ව ඇත්තේ ත්‍රිපිටකයේ ඛුද්දක නිඛායේ ඛුද්දක පාඨ පාලියේය. එය අපි කවුරැත් කුඩා කල සිට දන්නා පාඨයක්. නිවැරදි අරැත දැන හෝ නොදැන, බොහෝ වාරයක් මුවින් දෙඩු මෙම පාඨයේ නිවැරදි අරැත දැන ගැනිමටයි මේ සුදානමි වන්නේ.

බුද්ධං සරණං ගඡ්චාමි - බුදුන් සරණ යෙමි
ධමිමං සරණං ගඡ්චාමි - ධර්මරත්නය සරණ යෙමි.
සංඝං සරණං ගඡ්චාමි - සංඝ රත්නය සරණ යෙමි

දුතියමිපි බුද්ධං සරණං ගඡ්චාමි - දෙවෙනුවද බුදුන් සරණ යෙමි
දුතියමිපි ධමිමං සරණං ගඡ්චාමි - දෙවෙනුවද ධර්මරත්නය සරණ යෙමි.
දුතියමිපි සංඝං සරණං ගඡ්චාමි - දෙවෙනුවද සංඝ රත්නය සරණ යෙමි

තතියමිපි බුද්ධං සරණං ගඡ්චාමි - තෙවෙනුවද බුදුන් සරණ යෙමි
තතියමිපි ධමිමං සරණං ගඡ්චාමි - තෙවෙනුවද ධර්මරත්නය සරණ යෙමි.
තතියමිපි සංඝං සරණං ගඡ්චාමි - තෙවෙනුවද  සංඝ රත්නය සරණ යෙමි

අර්ථය සමඟ බොහෝ දෙනා තිසරණ සමාදන් වනුයේ මේ ආකාරයෙනි. නමුත් මෙයින් කුමක් සදහා ඔබ සරණ යන්නෙ දැයි ඔබට ප්‍රත්‍යක්ෂ වනවාද? ප්‍රිය මිතුරනේ බෞද්ධයන් වන අපි මෙම දුර්ලඝ වු අමිල වු, පහසුවෙන් නොලැබිය හැකිවු රත්නත්‍රය සරණ යනුයේ නිර්වාණය සඳහායි. සංසාරයෙන මිදිම සඳහායි. එසේ නිර්වාණය ලැබිම පිණිසත් සසරෙන් මිදිම පිණිසත්, උතුමි වු මෙම රත්නත්‍රය උතුමිවු පිහිටක් බව පිළිගනිමි, උතුමිවු පිහිටක් කොට පිළිගනිමි යන අදහසින් යුතුව කරණු ලබන්නාවු සරණයැමයි නිවැරදිම සරණ යෑම. ඉතින් යමි අවස්ථාවක බෞද්ධයෙකු විසින් නිර්වාණය ලැබිම පිණිසත් සසරෙන් මිදිම පිනිසත් මෙම රත්නත්‍රය උපකාරි නොවේය යැයි සැලකුවහොත් ඔහුගේ සරණාගමණය භේධවි ඇතැයි කියනු ලැබේ. එවිට තවදුරටත් ඔහු බෞද්ධයෙකු වන්නේ ද නැත. දෙතිස් පුරිස ලකුනෙන් යුතු, බුද්ධ විලාශය, භාග්‍යවතුන් වහන්සේගේ දේශනය, ධර්මය මෙන්ම සුපටිපන්න වු සංඝ රත්නය විවේචනය කරන්නන් එසේ කරනුයේ තමාගේ සරණාගමණය බේදනය කර ගනිමින් බව දැන් ඔබට පැහැදිලි වනවා ඇති.

ඉහතින් කී පරිදි මෙතරමි උසස් වු සරණාගමනයෙන් ලැබෙන්නාවු ඵලයද එතරමිම උසස්ය. අමිලය, දුලබය. එනමි සරණාගමණයේ අග්‍ර ඵලය නිර්වානයයි. සංසාරයෙන් මිදිමයි, මිට අමතරව සුගතිගාමි විමයි. දෙලොව දයුනුව සැලසිමයි. 

සරණාගමනයේ ආනිසංසයන් උදාහරණ සූත්ත හා දහම් පද ඇසුරින්...

1. සරණාගමනීය ථෙරාපදානය.
"මම චන්‍ද්‍රවතී නගරයෙහි දෙමාපියනට උවටැන් කරන්නෙක් වීමි.   එකල මාගේ ඒ අන්ධ දෙමාපියන් පොෂණය කරමි.

"
එකල්හි මම රහසිගතව හිඳ මෙසේ සිතීමි.  කෙසේද යත්  මම දෙමාපියන් පෝෂණය කරන්නේ පැවිද්ද නොලබමි. මා මහත්වූ මොහදුරින් වසන ලදී.  රාගද්වේෂමොහ යන ත්‍රිවිධාග්නියෙන් දැවෙත්. මෙබඳු බිය ඇතිවූ කල්හි කිසියම් මාර්ඟ දේශකයෙක් නැත.

බුදු රජ තෙම ලොව පහළවිය.   සර්වඥ ශාසනය බබළයි.   පින් කැමති සත්ත්‍වයා ස්වකීය ආත්මය ගොඩනගා තබන්නට සමත් වන්නේය. එබැවින් මා තුන් සරණය ඉගෙණ සම්පූණ ලෙස රකීම වැඩදායකය.  මැනවින් කරණ ලද එම කර්මය කරණ කොට ගෙන දුගතියෙන්  මිදෙමි.

එකල්හි බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකවූ "නිසභ" නමභික්‍ෂුවක් විය.   මම උන්වහන්සේ වෙත එළඹ සරණාගමණය ගතිමි.   (සරණගත වීමි.) එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයුෂ විද්‍යමාණවේ.  එපමණ කලක් සරණාගමණය සම්පූර්ණ ලෙස රැකීමි.

අන්තිම අවස්ථාව පවත්නා කල්හි මරණ සමයෙහි එම සරණය සිහි කෙළෙමි.   මම එම කර්මය කරණකොටගෙන තව්තිසාවට ගියෙමි. දෙව්ලොවට ගියා වු  මම යම් දෙයකට යෙම් නම් අට හේතුවක් (ආනිසංසයක්) ලබමි.

සියඵ දිගින්හි පුදන ලදුයේ වෙමි.   මම තියුණු නුවණැත්තේ වෙමි.   සියලු දෙවියෝ තමාට අනුව පවතිත්.   මම අපමණවූ භෝග සම්පත් ලබමි. මම ස්වර්න වර්ණ වූයේ හැමතන්හිදී දකින්නවුන් කැමතිවන කෙනෙක් වීමි.  මිතුරන් අතුරෙහි නිශ්චල වෙමි.   මාගේ යසස ඉතා උස්ව පැන නැංගේය. ශක්‍ර දේවේන්‍ද්‍රව අසූ වරක් දිව්‍ය රාජයය කරවීමි.  අප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ දිව සුව අනුභව කරලෙමි.

"
මම පන් සැත්තෑ වරක් සක්විති රජ වීමි.   ලබන ලද මහත්වූ ප්‍රදේශ රාජ්‍ය ගණන් වශයෙන් ගිණිය නොහැකිය.   අපමණය. "අන්තිම භවය පැමිණි කල්හි පුණ්‍ය කර්මය හා එක්වුයේසැවැත් නගරයෙහි අතිශයින් ආඪ්‍යවූ මහාසාර කුලයෙහි උපන්නේසතුටෙන් හා කෙළි සෙල්ලමෙන් යුතුවූ මම සංඝාරාමයට එළඹීමි.

"
එහිදී කෙළෙසුන් කෙරෙන් මිදිනාවූඋපධි රහිතවූභික්‍ෂුවක් දුටුවෙමි.  හෙතෙම මට දහම් දෙසීය.  මට සරණද දුන්නේය. "ඒ මම සරණ අසා මාගේ පුරාණ සරණය සිහි කෙළෙමි.   එම අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.

උත්පත්තියෙන් සත් හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි.  පසැස් ඇති බුදුරජාණන් වහන්සේ මාගේ ගුණ දැන උපසම්පදා කරවීය. මම මින් අපරිමෙය්‍ය කල්පයකට පෙර සරණ ගතවීමි.  ඉක්බිති මා විසින් මැනවින් කරණ ලද ඒ මාගේ කර්ම ඵලය මෙහිදී දැන්වීය.

මා විසින් සරණය මැනවින් රක්ණා ලදී.  සිත මනාව පිහිටුවාගන්නා ලදී.  සියලු යසස් අනුභවකොට නිශ්චලවූ නිර්වාණ පදයට පැමිණියේ වෙමි. යමෙකුට ඇසීමෙහි එකඟකම ඇත්තේ නම්කියන්නාවූ මාගේ වචනය අසව්.  මා විසින් භික්‍ෂුවගේ මාර්ග දේශකත්‍වයෙන් තෙමේම දක්නා ලද ශාන්ත පදය මම තොපට කියන්නෙමි.  කෙසේද යත් බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක.   සර්වඥ ශාසනය පවතී.   සෝ හුල් දුරු කරන්නාවූ අමා බෙරය වයන ලදී.

"
ස්වකීය ශක්ති පමණින් නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රයෙහි කුසල් කර නිවණ  ලබවි. තිසරණ ගෙනපන්සිල් රැකබුදුන් වහන්සේ කෙරහි සිත පහදවා දුක් කෙළවර කරවි. මා උපමා කොටගෙන සිල් රැක තෙපි සියල්ලෝ නොබෝ කලකින්ම රහත් බවට පැමිණෙවි .

මම ත්‍රිවිද්‍යා ඇත්තේපරසිත් දන්නා නුවණෙහි දක්‍ෂවූයේඍධියට පත්වූයේද වෙමි.   මහා වීරයන් වහන්සඔබ වහන්සේගේ ඒ ශ්‍රාවකතෙම ශාස්තෲන් වහන්සේගේ සිරිපා වඳියි. මම මින් අපරිමෙය්‍ය කල්පයෙහි බුදුරජාණන් වහන්සේ සරණකොට ගියෙමි.   දුගතියක් නොදනිමි.   මෙය සරණාගමනයෙහි ඵලයයි.
(
ඛුද්දක නිකාය,සුභූති වර්ගය)

2. දුතිය සරණාගමණිය ථෙරාපදානය.
කලෙක දිව්‍යරාජයන් දෙදෙනෙකුන්ගේ සංග්‍රාමයක් එළඹ සිටියේය. එකල්හි දෙවියෝ යුද පෙරමුණට පැමිණ රැස්ව සිටියේ විය.   මහත් ඝෝෂාවක්ද පැවැත්තේය. එකල්හි ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූනොහොත් පූජාවනට ගෙයක් බඳුවූලෝකය දත්ශාස්තෘවූ පදුමුත්තර බුදුරජ තෙම අහසෙහි වැඩ සිට මහජනයා සංවේගයට පත්කෙළෝය.

"එකෙණෙහි සියලු දෙවිවරු සතුටුවූවාහුබැහැර කරණ ලද යුද ඇඳුම් හා ආයුධ ඇත්තාහුබුදුරජාණන් වහන්සේට වැඳ එකගව සිටියාහුය. (සංග්‍රාමය නොකරන ලදි) බුදුරජාණන් වහන්සේ අපගේ අදහස් දැන ශ්‍රේෂ්ඨ වචන ප්‍රකාශ කළ සේක.   හටගත් අනුකම්පා ඇත්තේ මහජනයා දුක් ගිනි හැර නිවූ සේක.   කෙසේද යත්?

'
එක ප්‍රාණියෙක් නසන්නාවු පුද්ගල තෙමේ වුවද එකි අකුසල චිත්තය කරණකොටගෙන අපායෙහි උපදී. බොහෝ ප්‍රාණීන් නසන්නාවූයුද පෙරමුණෙහි ඇතෙකු මෙන්නැවත නැවත නොනසවි. සිය සිත නිවවි.යී කියා දෙසු සේක. 

දෙවි රජුන් දෙදෙනාගේම සේනාවෝ විෂ්මයට පත්වූහ.   තාදී ගුණ ඇති ලෝකනායකයන් වහන්සේ සරණකොට ගියහ. පසැස් අති බුදුරජ තෙම ජන සමූහයාට කරුණු අවබෝධ කරවා පවින් ගොඩගත් සේක.   දෙවියන් විසින් බලනු ලබමින් සිටියදිම උතුරු දිගට මුහුණලා වැඩිසේක. පළමුකොට දීපදෝත්තමවූතාදී ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ සරණ ගියෙමි.   ඒ හේතුවෙන් මම කල්ප ලක්‍ෂයක් මුඵල්ලෙහි දුගතියෙහි නූපනිමි. තිස් දහස් වන කපෙහි  ශ්‍රේෂ්ඨවූ මහා ආනභි නම් සොලොස් සක්විති රජකෙනෙක් විමි.  මේ සරණාගමනයේ ආනිශංසයි.
(
ඛුද්දක නිකාය, තේර අපදාන, මහාපරිවාර වග්ගය)

3. සරණගමණීය ථෙරාපදානය.

මම හිමවත් පව්වෙහි වැද්දෙක් වීමි. එකල්හි මම   ලෝක ජේෂ්ඨවූනර ශ්‍රේෂ්ඨවූවිපස්සී බුදුරජුන් දිටිමි. මම සමිබුදු රජුන් වෙත එළඹ වතාවත් කෙළෙමි.   විපදෝත්තමවූතාදි ගුණ ඇති බුදුරජුන්ගේ සරණද ගියෙමි. මින් එක් අනූවන කපෙහි බුදුරජුන් සරණකොට ගියෙම්ද,   ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි.   මෙ සරණාගමනයෙහි විපාකයයි.
(
ඛුද්දක නිකාය,ථේර අපදාන, චිතක පුජක වර්ගය)

4. ඡත්‍ර මානවක විමාන වස්තුව
භාග්‍යවත් බුදුරජානන්වහන්සේ සැවැත්නුවන වැඩ වසන සමයේ සේතව්‍ය නුවර ඡත්‍ර නමි බමුණු කුමාරයෙක්, උක්කටිඨා නුවර පොක්කරසාති නමි භ්‍රාහ්මණයා කරා ගොස් ශිල්ප ඉගෙන, නිමවා නැවත සේතව්‍ය නුවරට ගොස් මාපියන්ට එපවත් කියා ගුරැ පුඩුරැද රැගෙන නැවත පොක්කරසාති බමුනා කරා යමින් සිටියේය. භාග්‍යවත් බුදුපියානන්වහන්සේ අළුයමිකාලයේ ලොව බලා වදාරණ වේලේ ඡත්‍ර මානවකයා දැක ඔහුගෙ ආයුශය ගේවී යාමට ආසන්න බැවි දැක, එම මාර්ගයේහි රැකක් මුල වැඩ උන් සේක. 

එකල්හි ‍ඡත්‍ර මාණවකයා (තරැණයා) බුදු රජානන්වහන්සේ දැක, පැහැදි සරණ ශිලයේ පිහිටුවා, වැද නික්ම තුන්රැවන් ගුණ සිහිකරමින්ම මග ගමන් කරන්නට විය. එකල්හි සොර මුලක් වස්තුව පැහැර ගැනිම පිනිස, ඔහු විඳ මරණයට පත් කරන‍ ලදි. එකල්හි ඡත්‍ර මානවකයා එයින් සැව තවිතිසා දෙවි‍ලොව තිස් යොදුන් රන් විමනක උපනි.  ඡත්‍ර මානවකයා මළ බැවි දෙමාපියන් දැන සේතව්‍ය නුවර නගර වැස්සෝද තවත් බොහෝ පිරිස්ද රැස්වු සමාගමයක් වුයෙන් භාග්‍යවතානන්වහන්සේද එහි වැඩි සේක.
එකල්හි ඡත්‍ර දිව්‍යපුත්‍රයා, ස්වකිය විමානයද සමග පෙනිසිට බුදුරජුන් වැඩඳ එකත්පස්ව සිට මෙසේ සරණාගමනයෙන් ලත් තම දෙවි සිරිය පවසා තම කර්මය ප්‍රකාශ කරන ලදි. එම සමාගමය අරඹයා භාග්‍යවතුන් වහන්සේ විසින් කල ‍දේශනය බොහෝ දෙනාට සාර්ථක විය. 
(විමානවත්ථුව, පස්වැන්නවු මහා රථ වර්ගය)

ඉදින් ප්‍රිය මිතුරනේ නිතිපතා පන්සලක දී, නිවසේ‍දි, බොරැකක් මුල හෝ ඔබ විසින් පවසනා සරණ පාඨය තුලින් මෙතරමි කුසලයක් අත්වන්නේ යැයි සමහර විට ඔබ නොදැන සිටින්නට ඇත. නිසි අර්ථයත් සමඟ තිසරණ සරණ යෑමෙන් පරම ශාන්තිය වු නිවනත්, සසර දුක්ඛය නිමා කිරිමටත් සියල්ලන්ටම හේතු වාසනා වේවා!

නත්ථිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං

නත්ථිමේ සරණං අඤ්ඤං ධමිමෝ මේ සරණං වරං
නත්තිමේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං



බුදුන්, දහමි, සඝුන් හැර අන් කිනමි සරණක්ද ?


No comments:

Post a Comment

මෙම බ්ලොග් අඩවියේ ලිපි ගැන ඔබගේ අවංක අදහස සටහන් කොට යන්න.